පරිගණකයේ ඉතිහාසය
හැදින්වීම
පරිගණකය යනු අද වන විට සෑම නිවසකම, සෑම කාර්යාලයකම භාවිතා වන ඉතාමත් වැදගත් උපකරණයකි. එය හුදෙක් එකවරම නිපදවූවක් නොවේ. විවිධ සංකල්ප ඔස්සේ සියවස් ගණනාවක පරිණාමයේ ප්‍රතිඵලයක් වශයෙන් අප අද භාවිතා කරන පරිගණකය හැදින්විය හැක.
පරිගණකයේ පරිණාමය
- පූර්ව යාන්ත්‍රික යුගය (1450 ට පෙර )
- යාන්ත්‍රික යුගය (1450 - 1840)
- විද්‍යුත් යාන්ත්‍රික යුගය (1840 1940)
- විද්‍යුත් යුගය (1940 සිට අද දක්වා)
පූර්ව යාන්ත්‍රික යුගය (1450 ට පෙර )
ඇබකසය නැමති උපකරණය මීට වසර 5000කට පෙර භාවිතා කරන ලද උපකරණයකි. මෙම උපකරණය භාවිතයෙන් මිනිසා තම ගණිතමය කටයුතු පහසුවෙන් ඉටු කර ගත් අතර මෙම උපකරණය පරිගණකය සදහා මූලික අඩිතාලම වශයෙන් සැලකේ.
යාන්ත්‍රික යුගය (1450 - 1840)
ආකලන යන්ත්‍රය නැතහොත් පැසිකලායින් යන්ත්‍රය ක්‍රි.ව. 1642 දී ප්රංඥ ගණිතඥයකු වූ බ්ලේස් පැස්කල් විසින් නිපදවීය. මෙය ලොව මුල්ම ගණක යන්ත්‍රය ලෙස හදුන්වයි. මෙය හරහා ඒකතු කිරීම හා අඩු කිරීම සිදු කර ගත හැකි විය.
පැස්කලයින් යන්ත්‍රය වැඩි දියුණු කරමින් ජර්මානු ජාතිත විද්‍යාඥ ගොට්ෆ්රඩ් විල්හෙල්ම් විසින් 1673 – 7694 කාල පරිසය තුලදී Stepped reckoner යන්ත්‍රය හදුන්වා දුන් අතර මෙමගින් සියළු ගණිත කර්ම කිරිමේ හැකියාව තිබුණි.
ක්‍රි.ව. 1833 දී harles Babbage ණම් ඉංග්‍රිසි ජාතික ගණිතඥයා විසින් ඇනලිටිකල් යන්ත්‍රය (Analytical Engine) නිපදවිය. නමුත් එකල තිබූ දැනුම ඔහුගේ එම නිර්මාණය සාර්ථක කර ගැනීම සදහා ප්‍රමාණවත් නොවීය.
ක්‍රි.ව. 1880 දී Charles Babbage විසින් පළමු යාන්ත්‍රික පරිගණකය වන Difference Engine නිර්මාණය කරන ලද අතර නූතන පරිගණකයේ ආදාන ප්‍රතිදාන සංකල්පය මෙහි අන්තර්ගත වූ නිසා Charles Babbage පරිගණකයේ පියා ලෙස හදුන්වනු ලැබේ.
විද්‍යුත් යාන්ත්‍රික යුගය (1840 1940)
විද්‍යුත් යාන්ත්‍රික යුගයේ ආරම්භක අවස්ථාව විද්‍යුත් චුම්භක පණිවුඩ ක්‍රමයයි. 1876 දී අලෙක්සැන්ඩර් ග්‍රැහැම්බෙල් විසින් දුරකථනය සොය ගත් අතර, 1897 දී ගුග්ලි මාර්කෝනි විසින් ගුවන් විදුලි යන්ත්‍රය සොයාගන්නා ලදී.
1906 දී ෆොරෙස්ට් නැමති විද්යුඥයා විසින් විද්‍යුත් කපාටය නිර්මාණය කල අතර එය විද්‍යුත් ඉලෙක්ට්‍රොනික ක්ෂේත්රයේ විශාල පෙරලියකට හේතු විය.
1939 දී Howard Aieken විසින් නිර්මාණය කරන ලද ස්වයංක්‍රීය අනුක්‍රමික පාලකය (Automatic Sequence Controller (Mark 1)) ලොව ප්‍රථම ස්වයංක්‍රීය පරිගණකය ලෙස සැලකේ.
විද්‍යුත් යුගය (1940 සිට අද දක්වා)
1904 දී Sir John Ambrose Fleming විසින් රික්තක නල (Vacuum Tubes) සොයා ගැනීමත් සමගම නව නිර්මාණ රැසක් බිහි වන්නට විය.
1946 දී එනියැක් (EIAC – Electronic Numerical Integrator and Calculator) යන්ත්‍රය පළමු පොදු කාර්යය ඉලෙක්ට්‍රොනික් අංකිත පරිගණකය ලෙස ලොවට බිහි විය. මෙම යන්ත්‍රය රික්තක නල සහිත පළමු පරිගණකය වූ අතර ජෝන් මූච්ලි (Johyn Mauchly) සහ ජෝන් ප්රෙස්පර් එකර්ට් (John Presper Eckert) විසින් නිර්මාණය කර ඇත.
1948 / 1949 දී නිපදවන ලද එඩ්වැක් (EDVAC – Electronic Discreet Variable Automatic Computer) යන්ත්‍රය, ගබඩා කළ ක්‍රමලේඛන යොදාගත් මුල්ම අංකිත පරිගණකය ජෝන් මූච්ලි (Johyn Mauchly) සහ ජෝන් ප්රෙස්පර් එකර්ට් (John Presper Eckert) විසින් නිර්මාණය කර ඇත.
1950 දී ලොව ප්‍රථම වාණීජමක පරිගණකය ලෙස හැදින්වෙන UNIVAC (Universal Automatic Computer) ද පරිගණකය ජෝන් මූච්ලි (Johyn Mauchly) සහ ජෝන් ප්රෙස්පර් එකර්ට් (John Presper Eckert) විසින් නිර්මාණය කර ඇත. මෙහි දත්ත ආදානය, ප්‍රතිදානය හා ගබඩා කිරීම සදහා සිදුරු කාඩ්පත් භාවිතා කර ඇත.
0 Comments